බොන්නේ බලාගෙනයි ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 මාට්ටු

0
ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන්

රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නියෝගයෙන් පසු මෙම ව්‍යාජ ස්ටිකර් ඇල වූ මත්පැන් බෝතල් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව හා මත්පැන් අලෙවි කළ වෙළෙඳසැල් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් මෙම මස 31ක් වන දිනට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසා සිටියේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ආයතනවල බලපත්‍ර සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අවලංගු කිරීමෙන් මෙවැනි වංචනික ක්‍රියා නැවැත්විය හැකි බවයි. එමෙන්ම මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර් ව්‍යාජ ඒවාද, සැබෑ ඒවාද යන්න හඳුනා ගැනීමේ අයිතිය පාරිභෝගිකයාට ලබාදිය යුතු බවයි එහිදී ඔහු අවධාරණය කළේ.