ශ්‍රී දළදා මාළිඟයේ කුඹල් පෙරහර අද

0
ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) ආරම්භ වී ලබන 25 වනදා දක්වා විථි සංචාරය කරනු ඇති.

අනතුරුව පළමු රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙන අතර, අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු පෙරහර අවසන් වේ.

ඉන් අනතුරුව, දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයා වෙත පෙරහැර සාර්ථකව නිමාවට පත්වූ බවට  සංදේශයක් මඟින් දැනුම්දීමෙන් පසු පෙරහරේ සියලු කටයුතු නිළ වශයෙන් අවසන් වේ.