පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක්

0
පාන්පිටි කිලෝවක විකුණුම් මිල

ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව නිවේදනය කරන්නැයි රජයේ මුදල් පිළිබද කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස්දී තිබෙනවා.

එමෙන්ම සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රුපියල් 700කට ආසන්න බැවින් උපයා ඇති අයථා ලාභය පිළිබද වාර්තාවක් කැදවීමටයි එහිදී තීරණය කර ඇත්තේ.

සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 2කින් වැඩිකිරීමට අදාළ නියෝග පිළිබදවද මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

එහිදී රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වාදී ඇත්තේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවයි.

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව ද මෙහිදී හෙලීවී තිබෙනවා.