සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා වල ගාන වැඩියි – විමලවීර

0
සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා

කෝට්ටේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය අවට සම්බාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා 42ක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.

දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම සම්බාහන මධ්‍යස්ථානවල ඉහළ මිලක් අයකරගන්නා බවයි.

ආයුර්වේද පුවරු යොදාගනිමින් පවත්වාගෙන යන මෙම සම්බාහන මධ්‍යස්ථානයක එක අයකුගෙන් රුපියල් 5000 ක් අයකර ගන්නා බවද මන්ත්‍රීවරයා කමිටු රැස්වීම අමතමින් සදහන් කළා.

හිරුණි විජේසිංහ