අරගලකරුවන්ගේ අනාගතය රාජිත සේනාරත්න අතට

0
රාජිත සේනාරත්න

ගාලු මුවදොර අරගෙන කරුවන්ගේ මීළඟ දේශපාලන වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා නායකත්වය දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගාලු මුවදොර අරගලය මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මැදිහත් වී සිටියි.

එමෙන්ම ඔවුන් ඒ සඳහා රට වටා යන යමින් ජනතාව එක් කර ගැනීමට ද කටයුතු කිරීමට නියමිතව තිබේ.

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන ජනතා විරෝධයන් ඒකරාශි කිරීම සඳහා වන මෙම ජනහමු මාලාවේ මීලග ජන හමුව පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ නායකයින් ගේ සහභාගිත්වයෙන් මෑතකදී හම්බන්තොටදී පැවති ජනහමුවක් සදහා චතුර සේනාරත්න මහතාද ආරාධිතයෙකු ලෙස එක්ව සිටියේ ය.