ගාළුමුවදොර අරගලයට එක් ව සිටි පිරිසක් ගොවි විරෝධතාව මෙහෙයවන බව හෙලිවේ

0
ගාළුමුවදොර අරගලයට එක් ව සිටි පිරිසක්

ඇති වී තිබෙන නියං සහිත ආපදා තත්ත්වය මුල්කරගෙන ඇතිවී තිබෙන නොසන්සුන්තාවයන් හරහා ගොවි ජනතාව පාරට බස්සවා නව විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් සංවිධානාත්මක ක්‍රියාත්මක බව බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට රහස් වාර්තාවක් ලබා දී තිබේ.

මෙම විරෝධතා රැල්ල පසුපස ගාළුමුවදොර අරගලයට එක් ව සිටි පිරිසක් සිටින බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ජනතාව පාරට බස්සවා පසුගිය වසරේ මෙන් තත්ත්වයක් රට තුළ නැවත ඇති කිරීම බවද තොරතුරු හෙළිකර තිබේ.

නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුවෙන් ජලය නොදෙන බව පෙන්වමින් ඒ හරහා ආහාර හිගයක් ඇති වන බව පෙන්වා ජලය වෙනුවෙන් සටනක් ලෙස ජනතාව පාරට ගෙන ඒමට මෙම කණ්ඩායම් සැලසුම් සහගතව කටයුතු කර්නේ යැයි එම වාර්තාව කියා වාර්තාවලින් කියා ඇත.