ජල බිල ඉහලට ගැසට්ටුව මෙන්න

0
ජල බිල

ජල බිල

ජල බිල අද (2) මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය.

එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය.

ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.

එබැවින් අද (03) දින සිට නව ගාස්තු වලට අදාලව බිල්පත් අය කිරීමට සූදානම් වන ලෙස ජල බිල්පත් බෙදා හරින ආදායම් සහකාරවරැන්ට දැනුම් දී ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පැවසීය.

ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

0 – 5 ඒකකයක් රු. 60
මාසික ගාස්තුව රු. 300

6 -10 ඒකකයක් රු. 80
මාසික ගාස්තුව රු. 300

11 -15 ඒකකයක් රු. 100
මාසික ගාස්තුව රු.300

16 – 20 ඒකකයක් රු. 110
මාසික ගාස්තුව රු. 400

21 – 25 ඒකකයක් රු. 130
මාසික ගාස්තුව රු. 500

ජල බිල