හිටපු ඇමැති බැසිල් සහ ජනපති රහස් සාකච්චාවක

0

හිටපු ඇමැති බැසිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැතියා. පසුගිය 30 දා මෙම සාකච්ඡාව සිදුව ඇති බවයි දේශපාලන තොරතුරු අනාවරණ කරන්නේ.

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සැලසුමක් පිළිබද මෙහිදී පුළුල්ව සාකච්ඡා ඇති බවද මෙම හැසිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලවත් හානියක් සිදුවන ක්‍රියාවලියක් වන බවද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවේ පවසා ඇතැයිද එම තොරතුරු අනාවරණ කළා.

කොළඹ දේශපාලන කාර්යාල පිහිටුවීමටත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඊට සම්බන්ධ කරගැනීමට සැලසුම් ක්‍රියාවට නගමින් සිටින මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කර ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වාදී තිබෙනවා. මෙම ක්‍රියාකලාපය හමුවේ පොදුජන පෙරමුණට අවාසිදායක තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදී ඇති අතර, ජනාධිපතිවරයා නිහඩව එම කරුණු අසා සිටි බවද දේශපාලන තොරතුරු අනාවරණ කරනවා.

Political Gossip