වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් වසර 46 ක අභ්‍යවකාශ මෙහෙයුමක් නවතී (Video)

0
වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන්

නාසා ආයතනය ලබා දුන් වැරදි විධානයන් කිහිපයක් හේතුවෙන් අභ්‍යවකාශ මෙහෙයුමක් තාවකාලිකව බිඳණු පුවතක් අද වාර්තා වුණා.

මෙලෙස නාසා ආයතනයට වැරදී තිබුණේ 1977 සිට ක්‍රියාත්මක ඉතිහාසගත අභ්‍යවකාශ මෙහෙයුමක් වීම විශේෂත්වයක්.

මෙම වැරදි විධානය ලබාදී තිබුණේ වොයේජර් 2 අභ්‍යවකාශ යානයටයි. වොයේජර් 2 අභ්‍යවකාශ යානය යනු මිනිසා ඈත විශ්වය වෙත දෙවැනි ස්ථානයට වැඩිම දුරක් යවා ඇති යානය වනවා.

වොයේජර් 2 අභ්‍යවකාශ යානය වෙත ලබාදුන් වැරදි විධාන හේතුවෙන් එය පෘතුවිය සමග තිබූ සම්බන්ධය තාවකාලිකව බිඳ වැටුණා.

ඒ වන විට එම අභ්‍යවකාශ යානය පෘතුවියට කිලෝ මීටර් බිලියන 19 යි දශම 9 දුරින් ස්ථානගත වී තිබීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ලබා දුන් වැරදි විධානයන් හේතුවෙන් වොයේජර් 2 අභ්‍යවකාශ යානයේ ඇන්ටනාව අංශක දෙකකකින් පෘතුවියෙන් ඉවතට හැරී තිබෙනවා.

ඒ අනුවයි වොයේජර් 2 යානය සහ පෘතුවිය අතර තිබූ සබඳතාවය තාවකාලිකව බිඳ වැටි ඇත්තේ.

යානය ඇති කිලෝ මීටර් බිලියන 19 යි දශම 9 ක දුරක සිට පෘථිවියට සංඥාවක් පැමිණීමට පැය 18කට වඩා කාලයක් ගතවන බවයි නාසා ආයතනය පවසන්නේ.