සූරපප්පා හි සීසර්, ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

0

ලාල් සරත් කුමාර

ප්‍රවීන මාධ්‍යවේදියෙකු හා ප්‍රවින හඬ නළුවෙකු වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වි තිබෙනවා.

මිය යන විට එම මහතාගේ වයස අවුරුදු 69ක්.

වසර ගණනාවක් හඬෙන් රටක් හැඩ කළ මෙම අපූරු මිනිසා පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍ය නාළිකා ආරම්භයේ සිටම ජනතාවගේ හදවත් තුළට කතා කළ පුද්ගලයෙක්.

ගුවන් විදුලි නාට්‍ය කලාවේ පුරෝ ගාමී මෙහෙවරක් ඉටු කළ ලාල් සරත් කුමාර මහතා නාට්‍ය හඬ කැවිම් වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

ලාල් සරත් කුමාර මහතා හඬ කැවිම් පිළිබඳ ගුරුවරයෙකු වන අතර රංගන ශිල්පියෙකු ලෙසද කටයුතු කළා.