උද්ධමන අනුපාතය පහලටම යයි

0

උද්ධමන අනුපාතය

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 ජූලි මාසය සදහා 6.3 %ක් දක්වා පහත වැටී ඇත. එය 2023 ජුනි මාසය සඳහා 12.0 % ලෙස වාර්තා වී තිබුණි.

2023 ජූලි මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -1.4% දක්වා පහත වැටී ඇති අතර 2023 ජුනි මාසයේ දී එය වාර්තා වුයේ 4.1 %ක් ලෙසයි.

එමෙන්ම, ජූලි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 10.5 % ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 ජුනි මාසයේ දී 16.2 % ලෙස වාර්තා විය.

ලෝකයේ උද්දමන දත්ත මෙතනින්

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය

උද්ධමන අනුපාතය