පියා තම වැඩිමහල් පුතාට උණු වතුර දාල පුච්චලා

0

පියා තම වැඩිමහල් පුතාට

බිමත්ව පැමිණි පියා තම වැඩිමහල් පුතාට උණු වතුර වැක් කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු දරුවා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත (24) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වත්තේ පදිංචි සැකකාර පියා (24) දින පස්වරුවේ අධික ලෙස බිමත්ව පැමිණ සිය මව සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එහිදි උරණ වු සැකකාර පියා මුළුතැන්ගෙට ගොස් රත් වි තිබු කේතලයේ උණු වතුර සිය දරුවාගේ ඇග මතට ඉසිම නිසා දරුවාගේ කොන්ද ප්‍රදේශය පිලිස්සුම් තුවාල සහිත ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

සැකකරු සහ ඔහුගේ බිරිද කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, දරුවන් දෙදෙනා මිත්තණියගේ භාරයේ තබා සැකකරු සහ බිරිද රැකියාවේ නිරතව සිටින බවත්, (24) දින පස්වරුවේ සැකකරු පමණක් අධික ලෙස බිමත්ව නිවසට පැමිණි අවස්තාවේ මව සමග ආරවුලක් ඇති කර ගෙන ඇත.

සැකකරු විසින් තම මුණුබුරාගේ ඇග මතට උණු වතුර වැක්කරු බවට මිත්තණිය විසින් ලිදුලි පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

සැකකරුගේ මව වන ජි.රොස්මේරි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තම පුතා මිතුරන් සමග අධික ලෙස බිමත්ව නිවසට පැමිණ තමන් සමග ආරවුලක් ඇති කරගෙන කුස්සියේ මා සමග වාඩි වි සිටි මුණුබුරාගේ ඇගට රත් වි තිබු කේතලයේ වතුර වැක්කෙරු බවයි.

සැකකාර පියා අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට පියවර ගෙන ඇති බවද ලිදුල පොලිසිය පැවසිය.