13 පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 පාර්ලිමේන්තුවට

0

පොලිස් බලතල ඉවත් කිරීම

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් ලෙස 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.