ලෝක විවාහක මිහිතල රැජින කිරුළ ශ්‍රී ලංකාවට

0

ලෝක විවාහක මිහිතල රැජින

පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ ලෝක විවාහක මිහිතල රැජින ‘‘ Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය.

ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් අනුතරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම  විශේෂත්වයකි. එවැන්නක් සිදු කළ මෙරට පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට  එක්වන්නීය.

මෙහිදී ඇය Mrs Earth best in catwalk”Overall best in Gown, Overall Best in Resort wear, Best in Talent යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය.

පිලිපීනයේ මැනිලා නුවර  Bay Area Paranaque නගරයේ පැවැති මෙම ‘‘ Mrs.Earth international – 2023‘‘ තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිංගප්පූරුව,නයිජීරියාව ඇතුළු රටවල් ගණනාවක රුවැත්තියන් රැසක් තරග වැදුණි.

කොළඹ ගේට්වේ ජාත්‍යාන්තර විදුහලේ අධ්‍යාපනය ලැබූ සශ්මිගේ මෙම තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු ලෙස රුක්මල් සේනානායක, ජාතික අධ්‍යක්ෂ ලෙස චරිත් ගුණසේකර යන මහත්වරු කටයුතු කළහ.

ලෝක විවාහක මිහිතල රැජින ‘‘Mrs.Earth international‘‘ කිරුල දිනූ සශ්මි ජයග්‍රහණයෙන් පසු පැවැසුවේ මෙවැනි අදහසකි.

ඔබේ සිහින සැබෑවන තුරු මහන්සි වී වැඩකරන්න, අද මම ඒ සතුට භුක්ති විඳින්නේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි.පෘථිවි පවුලේ  කොටසක් විම මගේ සතුරයි.  එය ඒතරම්ම මට ආශිර්වාදයක්. මගේ ජාතික පුහුණුකරු නර්තන ශිල්පී රුක්මාල් සේනානායක මහතාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මම අද කවුරුන්ද යන්න ලොවට කියා දෙන්න මාව ඒ තත්ත්වයට ගේන්න ඔහු කළ උපරිම කැපවීම ගැන කියන්න වචන නැති තරම්.  හැමවිටම මගේ පිටුපසින් සිටිමින් මට ශක්තිය දෙන ආදරණීය සර් රුක්මාල්ගේ සහාය මට ලෝකයක් වුණා. මේ කිරුළේ අභිමානය මගේ රටට හා මගේ සර්ට හිමි විය යුතුයි.

ලෝක විවාහක මිහිතල රැජින