සිගරට් බොන මිනිහා අද බීඩි බොන තැනට වැටිලා – SF

0

සිගරට් බොන මිනිහා

සිගරට් බොන මිනිහා අද වන විට බීඩි බොන තැනට රට කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

බීඩි ඔතන කොළය ද ඉන්දියාවෙන් ගෙනෙන ගමන් ඉන්ද වංචා දූෂණ සිදු කරමින් ඇතැයිද හෙතෙම කියයි.

මේ හරහා පෙනී යන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගොස් ඇති ආකාරය බවද පවසන ඔහු අද වන විට බීඩි බොන ප්‍රමාණය 100%කින් වැඩි වී ඇතැයි ද සඳහන් කළේය.

රටේ කිසිම පුද්ගලයෙකුට යායුතු මාර්ගය ගැන අවබෝධයක් නැති බවත් මේ අය හැදෙන පාටක් පේන්නේ නැති බවද ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය පවත්වන්නට රුපියල් බිලියන දහයක් නැතැයි කියූ ආණ්ඩුව පසුගිය මාස පහට විදේශයන්ගෙන් රුපියල් බිලියන 230ක ආහාර ආනයනය කර ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.