පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය ජයගනී

0

පළමු ටෙස්ට් තරගයෙන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් ලැබීය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (20) දිවා විවේකයට පෙර පාකිස්තානු පිල කඩුලු 6 ක් දැවී ලකුණු 131 ක ජයග්‍රාහි ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

පාකිස්තානු මැැද පෙළ පිතිකරු ශවුද් ශාකීල් තරගයේ වීරයා සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම 321 (ඇන්ජලෝ මැතිව්ස 64, ධනංජය ද සිල්වා 122, අබ්රාර් අහමඩ්  68/3)

පාකිස්තානය පළමු ඉනිම 461 (ශවුද් ශාකීල් නොදැවී 208, අග්හා සල්මන් 83, රමේෂ් මෙන්ඩිස් 136/5)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 279 (නිෂාන් මධුෂ්ක 52, ධනංජය ද සිල්වා 82, රමේෂ් මෙන්ඩිස් 42, අබ්රාර් අහමඩ්  68/3)

පාකිස්තානය දෙවැනි ඉනිම කඩුලු 6 ට 133 (ඉමාන් උල් හක් නොදැවී 50, ප්‍රභාත් ජයසූරිය 56/4)