පොහොට්ටුවට පාට් දැම්මොත් පොලියත් සමග වන්දි ගෙවන්න වේවි

0

පොලියත් සමග වන්දි

මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් අමාත්‍යවරයා සදහන් ‍‍කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

තමා තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම් යැයි කී අමාත්‍යවරයා පක්ෂය දෙකට දමා රට එකට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට ගොඩ නගන්න සහය දීමට පොහොට්ටුව ඉදිරිපත් වූ බවද කීය.