උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට ආ තරුණියක් එන්නතකට බිලි

0

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට  ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු  ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියකි.

උදරාබාධයක් නිසා පසුගිය 11 වැනි දා  පේරාදෙණිය  රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

මෙම තරුණියට ඊයේ (12) පෙරවරුවේ  වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස්  වමනය දමා ටික වේලාවකි මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවැසුවාය.