සෞඛ්‍ය ගැටලුව සමාජ මාධ්‍යවල පළකළ ටීචර් පසුපස පොලීසිය එයි

0

සමාජ මාධ්‍යවල පළකළ

කළුතර, නාගොඩ රෝහලෙන් සිදුකළ පරීක්ෂණයක වාර්තා ලබාදීමේදී සිදුවූ මඟ හැරීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකළ කාන්තාවකගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින පුවතක් “අද දෙරණට” වාර්තා වුණි.

සිද්ධියට මුහුණදුන් කාන්තාව පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිය නිවසට පැමිණ අදාළ සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීමට සූදානම් වූ බවය.

මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් ගුරුවරියක් වන නිමේෂා මධුවන්තිගේ පියාට මීට වසරකට පමණ පෙර හදිසියේ අතිවූ හෘදයාබාධයකින් පසුව පානදුර රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව එම රෝහල මගින් නිර්දේශ කර තිබුණේ, මෙම රෝගියාට හෘදයාබාධ හඳුනාගැනීම සඳහා කරන angiogram පරීක්ෂණයක් නාගොඩ රෝහලෙන් සිදුකරන ගන්නා ලෙසය.

වසරකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි මධුවන්තිගේ පියාට පසුගිය ජුනි මස අදාළ පරීක්ෂණය සිදුකරගැනීම සඳහා අවස්ථාව උදාවුණි.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව නිමේෂා මධුවන්ති,

“angiogram එක කලා. නාගොඩ රෝහලෙන් angiogram එක කරපු CD එක දුන්නා. අපිට ඒක බලන්නවත් එපා කිව්වා. තාත්තට බයිපාස් එක්ක කරන්න අවශ්‍යයි.. ලියුම ගන්න සායනයට අවිල්ලා දිනයක් ගන්න කියලා කිව්වා. අපිට මාස දෙකක් පහු වෙලා තමයි දිනේ දුන්නේ. ඊට පස්සේ මම තාත්තාව වෙන වෛද්‍යවරයෙක්ට චැනල් කරලා පෙන්නුවා. ඒ වෛද්‍යවරයාගේ පරිගණකයට දලා බැලුවා අපිට දීලා තිබුණ CD එක. අපිට දීලා තිබුණේ හිස් CD එකක්. ඉතින් මම නාගොඩ රෝහලට කතා කරලා කිව්වා. එතකොට ඒ අය කිව්වා හරි මිස් වැරදිලා හිස් CD එකක් යන්න පුළුවන්.. ඇවිල්ලා මාරු කරගන්න කියලා. ඉතින් මම ඊළඟ දවසේ ගියා නාගොඩා රෝහලට. එතන හිටපු සිස්ටර් ඇහුවා මොකටද වෛද්‍යවරයෙක්ට පෙන්නුවේ කියලා. ඒ සිස්ටර් CD එක අරගෙන ගියා ලැබ් එකට. උදේ 10 සිට 02 දක්වා මාව රස්තියාදු කෙරෙව්වා. 2කට විතර ඇවිල්ලා කිව්වා මැෂින් එක කැඩිලා කියලා. CD එක රයිට් කරන්න විදිහක් නැහැ කියලා. මම කිව්වා එහෙනම් මිස් මට කාඩ් එකයි හිස් CD එකයි දෙන්න කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න කියලා තව පැයක් විතර ගියාට පස්සේ තමයි මට ගෙනත් දුන්නේ. ඊට පස්සේ මම එ් ගැන ‌ෆේස්බුක් සටහනක් දැම්මා ඒ පළකරපු සටහනට ගොඩ අයගෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා නාගොඩ රෝහලෙන් අසාධාරණ වුණ අය.”

තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මෙම ගුරුවරිය ෆේස්බුක් සටහනක් තැබීමෙන් පසුව පොලිස් නිලධාරීන් ඇය සොයා නිවසට පැමිණ තිබුණි.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව නිමේෂා මධුවන්ති,

“ඊයේ හවස මම පාසල් ඉවරවෙලා ගෙරද ආවාට පස්සේ දකුණු කලුතර පොලීසියේ නිලධාරීන් 7 දෙනෙක් ගෙදරට ආවා. ඇත්තට එතන ජ්‍යෙෂ්ඨ නිලධාරියා ගෙදරට ආවේ නැහැ. එයා හිටියේ පහළ. මට පහළට එන්න කියලා කිව්වා. මම කිව්වා මට පෙන්නන්න රිපෝට් ගොඩක් තියෙනවා නිසා සර්ට මෙහෙට එන්න කිව්වා. ඇත්තට ඊට පස්සේ එතන හිටපු නිලධාරීයෙක් කෝල් එක්ක අරගෙන දුන්නා.පහත් විදිහට අපිට ආමන්ත්‍රණය කළේ.”

උදේ මට කථා කරපු මහත්තයා කියනවා ඔයාගේ ඔය පෝස්ට් එක අයින් කරගන්න. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කිව්වා මගේ පෝස්ට් එක අයින් කරගත්තා කියලා. නැත්නම් මේක උසාවි ගානේ යන ප්‍රශනයක් වෙනවා. ලොකු තර්ජනයක් වෙනවා. මම හෙට පොලීසි යනවා. මගේ ජීවිතයට කිසියම් හානියක් වුණොත් වගකියන්න ඕනේ දකුණු කළුතර පොලීසිය.