ගල් බෝතලේ මිල 3200 යි – එකෙන් රු. 2906ක් බදු

0

ගල් බෝතලේ මිල

අතිවිශේෂ හෙවත් ගල් බෝතලේ මිල නිෂ්පාදන වියදම රු. 294/- ක්ව පවතිද්දී නැවතත් මිලිලීටර් 750 ක බෝතලයක මිල පසුගියදා රු. 320/- කින් ඉහළ නැංවීය. ඒ අනුව දැනට අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කෙරෙන්නේ රු. 3200/- කටය. මෙම රු. 3200/- මුදලෙන් එහි අඩංගු මත්පැන්වල වටිනාකම වන රු. 294/- අඩු කළ විට ඉතිරිවන රු. 2906/- ක මුදල අදාළ සමාගම් ගෙවන බදු සහ ලාභයයි.

දුප්පතාගේ පානය ලෙස හැඳින්වෙන මත්පැන් වර්ගයකින් මෙතරම් විශාල බද්දක් අයකරන අතර ඒ සමඟ මත්පැන් අලෙවිය ද 40% කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා අතිවිශේෂ මත්පැන් බෝතලයක මිල රු. 320/- කින් වැඩි කළද එයින් රු. 280/- ක්ම රජයේ බදු බව අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේය.