කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

0

කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය

නවගමුව රක්ෂපාන පාර, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පුජ්‍ය පල්ලේගම සුමන හිමියන්ට හා කාන්තාවන් දෙදෙනකුට විහාරස්ථානය තුළදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර දී තුවාල සිදුකිරීම හා විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබු හිමියන් සහ කාන්තාවක් ප්‍රතිකාර සදහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබෙනවා.

පහර කෑමට ලක් වු වයස 22 අනෙක්  කාන්තාව ද ආරක්ෂාව සදහා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

පසුව වාර්ථාවූයේ අදාල හිමිනම විසින් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන සාමදාන වීමට එකගතාවය පලකර ඇති බැවින් සැක කරුවන් පොලිස් ඇප මත මුදාහැරිය බවයි