මැඩෝනා සුවය ලබා යළි නිවසට

0

මැඩෝනා සුවය ලබා යළි නිවසට

‘බරපතළ බැක්ටීරියා ආසාදනයකින්’ රෝගී වූ මැඩෝනා සුවය ලබා යළි නිවසට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි ඇය මෙලෙස රෝගී වූයේ, එළඹෙන සති කිහිපයෙන් පසු මාස 7ක දීර්ඝ විදෙස් සංචාරයක් ආසන්නයේ ය.

ඇයගේ කළමනාකරු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය බරපතළ රෝගී තත්ත්වයක පසුවූ බව ය.

සංගීත දිවියේ 40 වන වසර සමරමින් මැඩෝනා කැනඩාවෙන් ආරම්භ කර, ලෝකය පුරා තව ත් නගර 45ක සංගීත සංදර්ශනවලට සහභාගි වීමට නියමිතව තිබිණි‍.

කෙසේ වෙත ත්, රෝගී තත්ත්වය නිසා එම සංචාරය කල් දැමීමට සිදුව තිබේ.