17 හැවිරිදි  පාසල් සිසුවියක් ඝා තනය කර ඉටි බෑගයක් තුළ සඟවා ගෙනයද්දී මාට්ටු

0

17 හැවිරිදි  පාසල් සිසුවියක්

රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි  පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා පොළියත් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසැල් පාසල් සිසුවියකි.

කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම සඳහා මෙසේ රැගෙන යමින් සිට බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා ය.

ඉතාලි ජාතික සිසුවියගේ පියාට නිවාස කිහිපයක්ම තිබෙන අතර ඇය ඝාතනය කර ඇත්තේ මින් එක නිවාසයක් තුළදීය.

මෙම සිසුවා හා මෙම සිසුවිය අතර කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවිය එම සම්බන්ධතාවය නතර කිරීම නිසා ඇතිවූ වේදනාව මට මෙවැන්නක් කර තිබෙන බවත් ඉතාලියේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන එමිල් රංජන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.

ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් හයක් පමණ දක්නට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝමයේ, ප්‍රිමවිල් (primavlle) ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් තුළදී මෙම 17 හැවිරිදි ඉතාලි ජාතික සිසුවියකට පිහියකින් ඇන ඉකුත් 28 වෙනිදා ඝාතනය කර ඇත.

ට්‍රොලියක් තල්ලු කරගෙන යන මෙම හුරුබුහුටි තරුණයා ගැන ඇති වූ සැකයක් මත ඉතාලි ජාතිකයකු එම තරුණයා ගෙන් ප්‍රශ්න කර ඇත.

ලොකු මාළු කූරි කිහිප දෙනකු රැගෙන යන බව මෙම ශ්‍රී ලාංකික සිසුවා පවසා ඇතත්එම ඉතාලි ජාතිකයා මෙම තරුණයා ගැන ඒ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරියා පැමිණ පරීක්ෂාකර බැලීමේදි කසල බැහැර කරන උරය තුළ බහා තිබූ මෙම දාහත් හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර දැකගැනීමට ලැබී ඇත.

ඉතාලි පොලිස් නිලධාරියා පොලිතීන් උරය පරීක්ෂාකර බලන අතර අතරවාරයේ දී සැකකාර සිසුවා පලාගොස් තිබූ අතර පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉතාලි සිසුවිය ඝාතනය කිරීමට යොදා ගත් බවට පැවසෙන පිහියක්ද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව පෙරේදා 30 වෙනිදා ඉතාලි පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා ආබාධිතයකු නිසා ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන් කරන අයකු බවත් දියණියගේ ඝාතනය අසා ඔහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ වේදනාව දරා ගත නොහැකිව හඬා වැටෙන ආකාරය දක්නට ලැබුණු බවත් රන්ජන් මහතා සඳහන් කරයි.

සැකකාර සිසුවාගේ මව සහ පියා වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.

සැකකාර සිසුවා ඉතාලියේ උපත ලබා ඇති නිසා ඔහුට එරට පුරවැසිභාවය ලැබී ඇත.

දියණිය සමග මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව තමා දැන සිටි බවත් ඔහු ඉතා හොඳ දරුවකු බවඇයගේ මව තමා සමග පැවසූ බව එමිල් රංජන් මහතා කීය.