තරුණියකගේ නිරුවත් ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක්

0

නිරුවත් ඡායාරූප

තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා තත්ත්ව පාලනය කළ බව අච්චුවේලී පොලීසිය පවසයි.

තරුණියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දුන් තරුණයාද මුදාගෙන ඇති අතර පහර කෑමෙන් ඔහු තුවාල ලබා සිටි නිසා පොලිස් ආරක්ෂාව ඇතුව යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඇතිව තිබූ තත්වය පාලනය කිරීමට ගිය අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පහරදීම නිසා උපපොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත කර ඇත.

දකුණු නිර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට 500 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස්තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර ඇතත් තත්වය කරගත නොහැකි වූ නිසා තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වාගෙන තිබේ.