ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙයයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕමානයේ ඉනිම පන්දුවාර 30යි පන්දු 2කදී ලකුණු 98කට සීමා විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වූ අතර, ලහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න (නොදැවී 61) සහ පැතුම් නිස්සංක (නොදැවී 37) ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 15 කදී සම්පූර්ණ කිරීමට සමත් විය