රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් තිදෙනකු අත්අඩංගුවට

0

රන් මාලයක් ගලවාගත්

මහනුවර සිට අම්පිටිය බලාධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් තිදෙනකු මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

එම තරුණියන් තිදෙනා ෙමහනුවර සිට අම්පිටිය බලා ධාවනය වන බස් රථයකට නැග කිලෝමීටර් දෙකක් යාමටත් පෙර රතු බෝක්කුව හන්දිය ප්‍රදේශයට පැමිණෙන විට එහි ගමන් ගත් කාන්තාවක තම ගෙල බැඳි රන් මාලය නොමැති බව දැන ගැනීමෙන් පසු බස් රථයේ සිටි මගී ජනතාවට ඒ බව දැනුම් දීමත් සමග බස් රථයේ සිටි කිසිවකුටත් පිටවීමට ඉඩ නො තබා පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් බස් රථයේ සිටි සැකකටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීමේදී එහි සිටි තරුණියකගෙ තිසර පටය තුළ සඟවාගෙන සිටි රන්මාලය හමුව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සිටි අවුරුදු 18-22 වයසේ තරුණියන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරුණියන් දෙදෙනකු කුඩ සහ අත් බෑග්වලින් ආවරණය කරගෙන සිටියදී රන් මාලයේ ගාන්චු වෙන්ම එය ගලවා ගත් බවයි .

අත්අඩංගුවට පත් තරුණියන් පුත්තලම, ත්‍රිකුණාමලය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරු වාර්තාවක් දිවයිනේ සියලු පොලිසිවලින් කැඳවා තිබේ