මස් අලෙවිය සිඝ්‍රයෙන් පහලට

0

මස් අලෙවිය

පසුගිය සතියට සාපෙක්ෂව කුකුල් මස් කිලෝවක් රු 150 කින් පමණ පහල බැස ඇතත්, කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බව කුකුල් මස් අලෙවිකරුවන් පවසයි.

ඉකුත් සතියේ රු 1700 ක මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක් (10) දින වන විට රු 1450 පමණ වුවත් පාරිභෝගිකයන් කුකුල් මස් මිල දි නොගන්නා බවයි අලෙවිකරුවන් කියා සිටියේ.

මිට අමතරව බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලදසැල් රැසකම බිත්තර පාලන මිලට අලෙවි කිරිමට නොහැකි නිසා බිත්තර අලෙවිය සිදු නොකරන අතර, ඇතැම් ව්‍යාපාරිකයන් පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට අලෙවි කරනු ලබයි.