හක්ක පටස් මුව තුළ පුපුරා යෑම අසීමිත වේදනාවෙන් පෙළෙන ඇතින්නක් සිය ළදරු පැටියා ද සමග ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල් භූමියට ඇතුළු වූවාය.
ආහාර ගැනීමට නොහැකිව කුසගින්නේ අසීමිත පීඩාවට පත්ව සිටින මේ ඇතින්න කෘෂ වී සිටි ආකාරය නෙතගට කඳුළු ගෙනාවේය. ඇයත් ඇයගේ සිඟිති පැටවාත් පළවා හැරීමට වනජීවි නිලධාරීහු පැමිණියහ. ගල්ගමුව වන ජීවී නිලධාරීහු මේ අසරණ ඇතින්න දෙස බලා කීවේ ඇය දින ගණනාවක් තිස්සේ නිසි කෑමක් දිය පොදක් නැතිව දුක් විඳිමින් සිටින බවය.
වන ජීවී නිලධාරීහු මේ ඇතින්න ට හැකි ආකාරයෙන් ප්‍රතිකාර කළහ.
දුක් විඳිමින් නිරාහාරව මිය යන්නට නියමිතව සිටින ඇය සිය සිඟිති පැටියා සමග එක මොහොතක්වත් ඒ භූමියෙන් ඉවත්ව යන්නට සූදානම් වූයේ නැත.
මේ ලියන මොහොත වනවිටත් ඇය පාසල් භූමියේය.
ඒ ඇත් අම්මාගේ මුව කුඩු කර දැමීමට හක්කපටස් හැදූ මිනිස් සමාජය ඉදිරියට පැමිණ අසීමිත දුක් විඳ අම්මා කෙනෙක් මිය යන ආකාරය ගැන පෙන්වන්නට ඇයට අවශ්‍ය වී දැයි නොදනිමි.
අනේ… පුලුවන්නම් ඒ අම්මාව ජීවත් කරන්න උදව් වෙන්න…
(සම්පූර්ණ උපුටා ගැනීම මව්රට වෙබ් අඩවිය ඇසුරිනි)



















































