පැටවා මළ සොවින් කෙනර පොලිසිය ඉදිරිපිට කඳුළු සලයි

0
Elephant Baby Dead Incident in Gal Oya - පැටවා මළ සොවින් කෙනර පොලිසිය ඉදිරිපිට කඳුළු සලයි

දුම්රියක ගැටී මිය මියගිය අවුරුදු දෙකක් වයසැති අලි පැටවා වළ දැමු ස්ථානට දිනපතා එන එම පැටවකාගේ අලි අම්මා මහා හඬින් විලාප නඟා පැය ගණනක් එනත ගත කර පසුව ගල්ඔය පොලිසියට අසලට ගොස් නිසොල්මනේ රැඳී සිටිමින් තමන්ට වූ අවනඩුව කියා පාන්නා සේ රැඳී සිටින බව ගල්ඔය ගම්වාසීහු පවසති.

එසේ රැදෙන කාලය තුළ අලියාගේ දෑස්වලන් කඳුළු වැගිරෙන බව ද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මඩකළපුවේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගල්ඔය ප්‍රදේශයේදී ඉකුත් 22 අළුයම 12.30 පමණ ගැටී අවුරුදු දෙකක් පමණ වන කුඩා අලි පැටවා මරණයට පත්ව ඇත. එම පැටවා මෙම කෙනෙරගේ බවට ගම්වාසීහු පවසති.

මියගිය අලි පැටවා හතරැස්කොටුව රෝහල ඉදිරිපිට වත්තේ වළ දැමීමට වනජීවී නිළදාරීන් කටයුතු කළේය.

පැටවා වළදැමූ ස්ථානයට දිනපතාම රාත්‍රී කාලයේ එන මෙම කෙනෙර මහා හයියෙන් විලාප නඟන බවත් එම විලාපය ගම්මුන්ට මහත් වේදනාවක් බවත් ඔවුහු පවසති.

එසේ කෑ ගසන කෙනර මධ්‍යම රාත්‍රියේ ගල්ඔය පොලිසිය ඉදිරිපිට පිවිසුම් දොරටුව ආසන්නයට වී නිසොල්මනේ පොලිසිය දෙසම බලා සිටින බවත් පොලිස් ස්ථානාධිපති ජී.ජි.සී. ජයතිස්ස මහතා පවසයි.

කිසිවකුටත් හිරිහැර නොකර යන්නැයි ඉතාමත් කාරුණිකව පැවැසූ විට එතැනින් ඉවත්ව ඒ ආසන්නයේ ගසකට මුවා වී නැවතත් පොලිසිය දෙස බලා සිටින බව ජයතිස්ස මහතා කියයි.

සතෙක් වුණත් වූ අම්මෙක්නේ” යනුවෙන් ඒ මහතා ඉතා සංවේදීව කියා සිටියේය.

අලුයම 5.30 පමණ වන තෙක් රැඳී සිටින මෙම කෙනෙර ඉන් පසු හතරැස්කොටුව විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ආසන්නයට පැමිණ දරුවන් පාසල් භූමියේ කෙලි සෙල්ලම් කරන අයුරු ක්‍රීඩාපිටියේ ඈත කොනක සිට බලා සිටින බව පාසලේ ප්‍රකාශකයෙක් කීය.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ නිළදාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී කෙනර පාසල් භූමියෙන් පලවාහැරීමට අවශ්‍ය කටයුතු කළ බව මවක පැවැසුවාය.

එම අවස්ථාවලදී කෙනර දැඩි ලෙස කලහකාරි ලෙස හැසිරෙන බව වනජීවි නිලධාරීහු පවසති.

අලිපැටවා මියගිය දින සිටි සෑම දිනකම පැමිණි මෙම කෙනෙර ඊයේ දින එසේ නොපැමිණි බව ප්‍රදේශවාසීහු පවසති.

හබරණ ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ තලපත්කන්ද ප්‍රදේශයේදී බඩු ප්‍රවාහනය කළ දුම්රියක ගැටී කෙනරක් මරණයට පත්ව ඇති බවත් එසේ මියගියේ එම කෙනෙර දැයි ප්‍රදේශවාසීන්ට සැකයක් මතුව ඇත.