පොසොන් උත්සවයට සල්ලි මදි. මිහින්තලා රජමහා විහාරාධිපතිහිමියන්ගෙන් දෝස්මුරයක්

0

පොසොන් උත්සවය

මෙවර පොසොන් පොහොය කාල සීමාවේ මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබා නොදීමට රජය තීරණය කර ඇති බව පොසොන් උත්සවයට සල්ලි මදි බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසයි.

එනිසා පිණ්ඩපාත චාරිකාවක් වැඩමකොට දානපතියන් ගෙන් උපකාර ලබාගෙන මිහින්තලේ පොසොන් උත්සවය සිදුකරන බවද උන්වහන්සේ කියා සිටියහ.

ඒ අනුව එම පිණ්ඩපාත චාරිකාව හෙට දිනයේ මිහින්තලය නගරයෙන් ආරම්භ කරන බවද පැවසූ උන්වහන්සේ සමස්ත ලෝක වාසී බෞද්ධ අබෞද්ධ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා හැකි අයුරින් ආධාර කරන ඉල්ලා සිටින බවද කියා සිටියහ.

පොසොන් සමයේ මිහින්තලයේ පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශයන්හි තිස් ලක්‍ෂයකට වැඩි පිරිසක් වන්දනාවේ එන බවත් ඔවුනට පහසුකම් සැලසීම යුතුකමක් යයිද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.