සිසිලියන් වෝක් හෝටලයේ පිලිගැනීමේ නිලධාරිනිය ඇතුලේ

0

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල කාන්තාවක ලබන මෙම 15 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය නියෝග කළාය.

කළුතර,  කටුකුරුන්ද ගාලුපාරේ පදිංචි වඩුගේ ඉනෝකා කුමාරී යන අය මෙසේ  රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

දකුණු කළුතර ප්‍රධාන වීදියේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී මියගොස් සිට සොයාගන්නා ලද කළුතර, නාගොඩ  පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරිය එදින ලැගුම්හලට ඇතුළුවන මොහොතේ එහි  පිළිගැනීමේ නිළධාරීනිය ලෙස සැකකාරිය කටයුතු කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

සැකකාර කාන්තාව එදින අදාල හෝටලයේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කරමින්  මියගොස් ඇති දැරියගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන දැරියට ලිංගික කටයුතු සදහා පරිශ්‍රය ලබාදීම සම්බන්දයෙන් චෝදනා නගාතිබුණි.

උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

නඩුව ලබන 15 දා යළි කැදවීමට නියමිතයි.