හරක් හොරකම් සම්බන්ධව නවගමුව OIC ට වරෙන්තු

0

නවගමුව පොලිස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද වරෙන්තු නිකුත් කළේය.

හරක් සොරකම් නඩු දෙකක ප්‍රධාන සාක්කිකරු වන නවගමුව පොලිස්ථානාධිපතිවරයා සාක්කි දීමට අධිකරණයට නොපැමිණීම නිසා මෙලෙස වරෙන්තු දෙකක් නිකුත් කළේය.

මෙම හරක් සොරකම් නඩු දෙක සඳහා සාක්කි දීමට මීට පෙර අවස්ථාවේදීද අධිකරණයට නොපැමිණීම නිසා වරෙන්තු නිකුත් කොට සිටි නවගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.