පොතානේ ධම්මානන්ද හිමියන් අපවත් වෙති

0

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර පූජා නගරයේ භයාගිරි පූර්වාරාම විහාරාධිපති පොතානේ ධම්මානන්ද නාහිමියෝ අද(14) උදෑසන අපවත්වූහ.

අපවත්වනවිට උන්වහන්සේ 80 වැනි වියෙහි පසුවූහ.

රෝගාතුරව වැඩසිටි උන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි අපවත් වූ අතර ආදාහන පූජෝත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බව විහාරස්ථ දායක සභාව ප්‍රකාශ කරයි.

පොතානේ ධම්මානන්ද නාහිමියෝ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි ද කාලයක් කටයුතු කර ඇති උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශනා පැවැත්වීමෙහිලා රජරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව සිටියහ