උතුරු කොරියාවෙන් තවත් බැලස්ටික් මිසයිලයක්

0

උතුරු කොරියාව එරට පළමු ඝන ඉන්ධන බැලස්ටික් මිසයිලය අත්හදා බලා තිබේ.

මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාව සදහා උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ සහෝදරිය ද පැමිණ තිබීම විශේෂත්වයකි.

එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ 2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදනය ආරම්භ වූ අතර එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක පිම්මක් බවය.

ඝන ඉන්ධන මගින් මිසයිලය සදහා ඉහළ වේගවත් බවක් මුසු කර ඇති බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය