බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන කිරි අලෙවි සැලක් තුලදී පහරකැමට ලක්ව ඇතැයි පොලිසිය කීය.
සිද්දිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් අගල් පහක් පමණ දිගැති ලේ තැවරුන පිහිය පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පහරදීමට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් බව පොලිසිය සදහන් කරයි.
පහරකැමට ලක්වූ මන්ත්‍රී බිරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු නිළධාරීන් වැටලීම සිදුකලා