ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගතවෙයි

0

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද එරට අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ ඔහුට විරුද්ධව ගොනු කර ඇති අධි චෝදනාවලට අදාළ නඩු විභාගය වෙනුවෙන්.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම නඩු විභාගය වෙනුවෙන් මෑන්හැටන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව නඩු විභාගයට පෙනී සිටීම සඳහා ඩොනල්ට් ට්‍රම්ප් නිව්යෝර්ක්හි ට්‍රම්ප් ටවර් හි රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෑන්හැටන් අධිකරණය භූමිය තුළ හා ඒ අවට කලාපය තුළ ආරක්ෂාව තර කර තිබෙනවා.

එම අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව සඳහා නිව්යෝර්ක් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයින් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ අමෙරිකාවේ නිල් චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට මුදල් ගෙවීම සහ එම ගෙවීම් ව්‍යාපාරික වියදම් ලෙස ගිණුම් ගත කිරීමයි.