විදුලි සැර වැදී සිසුවෙක් මියයයි

0

වෙසක් සැරසිලි කිරීමට නිවසේ විදුලි බුබුළු වැලක් අදිමින් සිටි, 17 හැවිරිදි පාසල් සිසුවෙක් විදුලි සැර වැදී අද(26) පස්වරුවේ මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අහංගම කොටේගොඩ පදිංචිව සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදී වැටි සිටි ඔහු, අහංගම ග්‍රාමිය රෝහල වෙත ගෙනගොස් ඇති අතර එසේ ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.