
දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිව තිබූ නිල නිවස යළි රජයට භාර දි තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස විසින්.
ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමිවන අතර ඔහු අභාවප්‍රාප්ත වූ විට එම නිල නිවස ඔහුගේ බිරිඳට භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.
කෙසේ වෙතත් කොළඹ පිහිටි එම නිල නිවස හේමා ප්‍රේමදාස විසින් කිසිදු දිනෙක භාවිත කර නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව, ජනාධිපති ආර්යාව විසින් එම නිල නිවස රජයට භාර දී තිබෙනවා.
පසුගිය කාල සීමාව පුරාම ජවිපෙ විසින්ද මෙම නිල නිවාස හා සම්බන්ධව දැඩි විවේඡනයක් ද දේශපාලන වේදිකාවන්හිදී සිදු කරනු ලැබුවා.




















































