IMF පලමු වාරිකය දින දෙකක් තුල ලංකාවට

0

IMF පලමු වාරිකය

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත්කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් ඒ බව පැවසීය.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය.

ඔහු තවදුරටත් පැවසුවේ මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා  “ධන බද්දක්” ද මෙම වැඩසටහනට ඇතුළත් බවය.