වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

0
Circular relating to purchase of Paddy - වී මිලදී ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය.

එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය දැනුම්දී තිබේ.

අක්කරයක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 2,000ක් ද අකක්ර 02ක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 4,000ක්ද අකක්ර 02කට වැඩි වගා සිදුකර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 5,000ක්ද මිලදී ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.

එමෙනම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එම වී තොග සහල් බවට පත් කර මාර්තු සහ අප්‍රේල් වලදී තෝරාගත් පවුල් සඳහා සහල් කිලෝ 10ය බැගින් බෙදාහැරීමට පියවර ගන්නා බවය.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වෙයි…