මැතිවරණය නියමිත පරිදි තියන්න උදවු නොකළහොත් නඩු පවරන බවට මැකෝ කියයි

0
Nimal Punchihewa - මැතිවරණය නියමිත පරිදි තියන්න උදවු නොකළහොත් නඩු පවරන බවට මැකෝ කියයි

පළාත් පාලන මැතිවරණය දැනට නියම කර ඇති පරිදි මාර්තු 9 වනදා පැවැත්වීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් එසේ නොකරන සියලු පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි සභාපති නිමල් පුංචිහේවා මහතා සති අන්ත පුවත් පතක් සමග පවසා ඇත්තේ පෙබරවාරි මාසෙට අවශ්‍ය රුපියල් කෝටි 80ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් මෙතෙක් එය ලබා දී නැති බවයි.

කෙසේ නමුත් මීට පෙර ඉල්ලා සිටි රුපියල් කෝටි දහයක මුදලක් ලැබුණු බවද සභාපතිවරයා සඳහන් කරයි.