තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුවෙයි

0
Essential Food Prices - තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල අඩුවෙයි

ලංකා සතොස මගින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 30 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1700 ක්.

සුදුකැකුළු කිලෝවක් ද රුපියල් 10 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 169 ක් වන අතර, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 8 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 179 ක්.

එමෙන්ම, සුදු නාඩු කිලෝවක් ද රුපියල් 5 කින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් 184 ක් බවයි සතොස ආයතනය ප්‍රකාශ කළේ.

කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 4 කින් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 5 කින් ද අඩු කර ඇති අතර, රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 365 කට අලෙවි වන බව සතොස ආයතනය කියා සිටියා.

මේ අතර, පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල්වල තොග මිල පහළ ගොස් තිබෙනවා.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ආනයන රටළුෑණු කිලෝවක නව තොග මිල රුපියල් 130 ක් බවයි. එමෙන්ම, ආනයනික අර්තාපල් කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 100 ක්.

ඒ අනුව, ආනයනික රට ළුෑණු කිලෝවක් රුපියල් 50 කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 80 ත් 100 ත් අතර මිලකින් පහත වැටී තිබෙනවා. මේ අතර, ආනයනික සුදුසීනි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 205 ක්.