රුසියානු ජනාධිපතිගෙන් පැය 36ක සටන් විරාමයක්

0
Vladimir Putin - රුසියානු ජනාධිපතිගෙන් පැය 36ක සටන් විරාමයක්

පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මොස්කව් වේලාවෙන් 12:00 (GMT 09:00) ආරම්භ වීමට නියමිත සටන් විරාමය රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

රුසියානු ඕතඩොක්ස් පල්ලිය ජූලියන් දින දර්ශනයට අනුව ජනවාරි 7 වන දින නත්තල් දිනය සමරනු ලබනවා .

රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානියාගේ ඉල්ලීමට රුසියානු ජනාධිපතිවරයා අනුමැතිය ලබා දුන් බැවින් මෙම සටන් විරාමය පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඕතඩොක්ස් නත්තල සැමරීම වෙනුවෙන් පල්ලියේ සේවාවන්ට සහභාගී වීමට අවසර දීම සඳහා නත්තල් සටන් විරාමයක් ලබා දී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම යුක්‍රේනයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කර තිබෙන්නේ මෙම සටන් විරාමය තම රටේ හමුදා ප්‍රගතිය නැවැත්වීමේ උත්සාහයක් බවයි.