වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි

0
Number Plate - වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි

වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත හඳුන්වන ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකදී කොමසාරිස්වරයා මේ බව පවසා සිටියා.

ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.