බොලිවුඩ් නළු සුෂාන්ත් සිං ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

0
Sushant Singh Rajput - බොලිවුඩ් නළු සුෂාන්ත් සිං ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

ප්‍රකට බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.

මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ කාර්‍ය මණ්ඩලය විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුෂාන්ත් සිං 2020 වසරේ ජුනි මස 14 වැනි දින මුම්බායිහි කුලී පදනම යටතේ රැඳී සිටි මහල් නිවාසයේ දී ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගැනුණා.

වසර දෙකක් ගත වී ඇතත්, තවමත් මෙම මරණයෙහි ඇතුළාන්තය හෙළි වී නැහැ.

කෙසේවෙතත් සුෂාන්ත්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඔහුගේ රසිකයින් ද දැඩි විරෝධයක් ඉන්දීය පොලිසියට එල්ල කළේ, මෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිත අනාවරණයක් සිදු කරගැනීමට බුද්ධි අංශ අපොහොසත් වීම හේතුවෙන්.

සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රූප්කුමාර් ෂා පැවසුවේ, සුෂාන්ත්ගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එවක සිටි ඉහළ නිලධාරින්ගේ මෙන්ම ප්‍රභූවරුන්ගේ නියෝගයන්ට අවනත වීමට සිදු වූ බවයි.

පළමු වරට සුෂාන්ත්ගේ මිනිය දුටුවිට එය සියදිවි නසාගැනීමක් නොව, ඝාතනයක් බව තමන්ට ඒත්තු ගිය බවත්, ඒ පිළිබඳ ඉහළ නිලධාරින්ට දැනුම් දුන්න ද, ඔවුන් තම මතයට ඇහුම්කන් නොදුන් බවත් රූප්කුමාර් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු ඉන්දීය මාධ්‍යයට සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවැන්නක්..

”’Told seniors it was not suicide’

“When I saw Sushant’s body for the first time, I quickly informed my seniors that I feel it is not suicide but a murder. I even told them that we should work as per the rules. However, my seniors told me to click pictures as soon as possible and give the body to the cops. Hence, we performed the postmortem in the night only.” යනුවෙන්.