ලොව වැඩිම නිවාඩු ඇති රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවට 5 වැනි තැන

0
Holidays in Sri Lanka - ලොව වැඩිම නිවාඩු ඇති රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවට 5 වැනි තැන

ලෝකයේ වැඩිම ප්‍රමාණයක් නිවාඩු සහිත රාජ්‍යයන් ලැයිස්තුගත කර තිබෙනවා.

එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින රාජ්‍යය වන්නේ ඉරාකයයි.

ඉරාකය නිවාඩු 26කට හිමිකම් කියන අතර, ශ්‍රී ලංකාව අදට (26) යෙදී ඇති විශේෂ නත්තල් නිවාඩුවත් සමග වාර්ෂික නිවාඩු 25කට හිමිකම් කියනවා.

2019 වර්ෂය වනවිට කාම්බෝජය වැඩිම නිවාඩු සහිත රාජ්‍යය බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වසරේ දී මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාව තුන්වැනි තැනට ඇද දමමින්.

එම වසර වනවිට ද ශ්‍රී ලංකාව සතුව නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසර තුනකුත් ගතවනවිට ද ශ්‍රී ලංකාව මෙම ලැය්ස්තුවේ පස්වැනියා වී ඇත්තේ පෙර තිබූ නිවාඩු ඒ අයුරින් ම ඉතිරි කර තබමින් වීම ද සුවිශේෂී කරුණක්.