අද සිට මිල අඩු කළ සතොස භාණ්ඩ

0

ලංකා සතොස අද (14) සිට භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමා තිබෙනවා.

පරිප්පු කිලෝ 1ක මිල රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 385ක්.

තිරිඟු පිටි කිලෝ 1ක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 250ක් වනවා.

සුදු ළූණූ කිලෝ 1ක මිල රුපියල් 35කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 460ක්.

එමෙන්ම ලොකු ළූණූ කිලෝ 1ක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 190ක්.

තවද ටින් මාළුවල (දේශීය ) මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර නව මිල සටහන් වන්නේ රුපියල් 490ක් ලෙසයි.