සාරිය නැතිව ආ ගුරුතුමියට හූ තබලා

0
Teachers Saree - සාරිය නැතිව ආ ගුරුතුමියට හූ තබලා

දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදුණැයි කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.

මවුපියන් පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

හු හඬ තබමින් එම මව්පියන් උද්ඝෝෂණය කළ බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගුරුවරිය පසුගිය 21 වෙනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.