දැරියක් රැගෙන පළාගිය සැකකරුව සොයන්න පොලීසිය මහජන සහාය පතයි

0
Police Expect Public Assistance - දැරියක් රැගෙන පළාගිය සැකකරුව සොයන්න පොලීසිය මහජන සහාය පතයි

වයස අවුරුදු 13ක දැරියක් රැගෙන පළාගොස් සිටින පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

දැරියගේ මව විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඉඟිනියාගල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඉඟිනියාගල පොලිස් වසමේ දේවාලහිද, අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තම දියණියව නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය වූ බවට දැරියගේ මව විසින් පැමිණිලි කර තිබූ බව පොලීසිය පවසයි.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර සැකකරු ගැන තොරතුරු දන්නේ නම් පහත සඳහන් අංක වෙත දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සැකකරුගේ ඡායාරූප දෙකක් ද පොලීසිය විසින් නිකුත් කර තිබේ.

සැකකරුගේ විස්තර පහත පරිදි වෙයි.

නම – සුමිත් ගුණවර්ධන
වයස – අවුරුදු 47
ජා.හැ.අ – 752496657V
ලිපියන – දඹගල්ල

ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපති – 0718 59 11 50
ඉඟිනියාගල පොලීසිය – 0632 24 20 22