ස්වාමියා සොයා පොලිස් සිර මැදිරියට ආ බිංදු

0
Dog in Bulathsinhala Police Station - ස්වාමියා සොයා පොලිස් සිර මැදිරියට ආ බිංදු

පොලිස් අත්අඩංගුවට ගත් තම ස්වාමියා සොයා පොලිස් රිමාන්ඩ් සිර මැදිරිය අසලට ගිය සුනඛයකු සම්බන්ධ සිද්ධියක් බුලත්සිංහල පොලිසියෙන් වාර්තා වේ

බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් සිරමැදිරිය තුළ රඳවා තබා ඇත.

ඊට විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛ එළවා දැමීමට උත්සහා කළත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණ ඇත.

පසුව සොයා බැලීමේදී ඊට මද වේලාවකට පමණ පෙර පොලිස් සිර මැදිරියට දමන ලද බුලත්සිංහල මෝල්කාව පාරේ නිවසක පදිංචි පුද්ගලයා නිවසේ ඇති දැඩි කළ “බිංදු” නොමැති සුනඛයා බවට පොලිසියට දැන ගන්නට ලැබිණි.

බුලත්සිංහල මෝල්කාවේ සිට කිලෝමීටරයකට අධික දුරක් ගෙවා ජීප් රථය පසුපස පැමිණ තිබූ මෙම සුනඛ යා සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටි මින් එහි යකඩ කූරු අතරින් තව ස්වාමියා දෙස බලමින් සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේ හදවතට ද යම් වේදනාවක් ගෙන ආවේය.

පොලිස් නිලධාරීන් සුනඛයාට විවිධ ආහාර ලබාදීමටද ලබාදීමට ද කටයුතු කළේය.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතා නිල කාමරයට පැමිණීමෙන් අනතුරුව මේ බව සැලකර ඇති අතර ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිරමැදිරිය දොර විවෘත කිරීමත් සමගම වහා සිය ස්වාමියා අසලට දිව ගිය බිංදු සුනඛයා ස්වාමියාගේ කකුල් දෙකට තම ඉදිරි ගාත් දෙක තබා නඟුට වන්නට වූ අතර එම අවස්ථාවේදී සිරමැදිරිය තුළ සිටි ස්වාමියා අතින් හිස පිරිමදින්නට විය

මද වේලාවක් ගත වෙද්දී පොලිස් නිලධාරීන් එම පුද්ගලයා ස්ථානාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කිරීමේදී සුනඛයාද ඔහු පසුපස යමින් නිල කාමරය ඇතුළු විය.

අනතුරුව ස්ථානාධිපතිවරයා එම පුද්ගලයාට දැඩි අවවාද කර ඔහුව පොලිස් ඇප මත මුදා හරින ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග කෙරිණි.